පෙර පුහුණුවීම් දහස් ගණනකට පසුව බලාපොරොත්තු වූ මොහොත උදා උනා.මම සාර්ථක මුහුණදීමකට අසාර්ථක උත්සහයක යෙදෙමින්. පෙර පුහුණුවීම් වල්න් වැඩක් වෙලා නෑ.
දුටු සතුටු ස්වාදීන පුද්ගලයෙක්. එයා තනි තීරණ ගැනීමේ බලතල සහිතයි. කොටින්ම මම එයාගෙ කිසි කෙනෙක් නොවන කෙනෙක්.සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් මම අහන්න කැමතියී තමාගෙ කිසිකෙනෙක් නොවන අය නිර්මාණය කරන්න හේතුව.උන් වහන්සේ තේරුම් ගන්න ඕනෙ අපි තමන්ගෙ දාම් ලැල්ලෙ ඉත්තො නොවෙන බව.
"දෙවියන් වහන්සේ පොලොවේ දූවිල්ලෙන් මිනිසා මවා ඔහුගේ නාස් පුඩු තුලට ජීවන හුස්ම හෙලූ සේක"
හරි එක ඇත්ත වෙන්න පුලුවන්..ඒත් ඇයි දෙයියනේ මෙහෙම අපිව නටවන්නෙ.ඔබ වහන්සේ කියන විදිහට ඔබ අපේ මැවුම්කරු නිසා අපිඔබේ සැලැස්මට අනුව වැඩ කරන්න ඔනේ.ඒක හරියට දරු ගැබක් විනාශ කරන්න ගැබ දරන්නියට ඇති අයිතිය වගේ එකක් නෙමෙයිද.එහෙම අයිතියක් නැහැයි කියල ඔය පත්තර වල ටීවී වල හැම වෙලේම කියන්නෙ.මං දන්නව මට පිස්සු.ඔබ වහන්සේ මට සමා වෙන්න ඕනෙ.මං හැම වෙලේම මෝඩ ප්‍රශ්න අහනව.ඉස්කෝලෙදිත් ඕකම උනා.ඒත් මේ කිසිම කරදරයක් නෑනෙ ඔබ වහන්සේ ඔය සැලැස්ම කලින්ම අපිට දෙනවනම්.
රන්ති
හ්ම්
මං ඔයා ගැන එයාට කියන්නයි ඉන්නෙ
මොකක්
හ්ම්. මම කියනව අපි දෙන්න ඉස්සර ඉඳල හුඟක් ලඟින් ආස්‍රය කරනව කියල
ඔයා හොඳ සිහියෙන්ද දුටුසතුටු... නිකං අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න හදන්නෙ
"ඉල්ලන්න ඔබට දෙනු ලැබේ..සොයන්න ඔබට සම්බ වේ.. තට්ටු කරන්න ඔබට දොර හරිනු ලැබේ"
ඔව් ඔබ වහන්සේ කියන එක ඇත්ත.මට ඔය හැමදේම උනා තමයි.එත් ඒව සිද්ද වෙනකොට පෙරහැර ගිහින් අලි බෙටිත් වේලිලා . ඔබ වහන්සේට පුලුවන්ද මට අනුකම්පා කරල දැන්වත්...අපොයි සමා වෙන්න දෙවියනි.මම ආපහු මුලට එනව.මම මෝඩයෙක් බව මම දන්නව.අනුකම්පා කරන්න.දෙවියනි මාව මැවීම ගැන ඔබ වහන්සේ පසුතැවිලි වෙන්නෙ නැද්ද..?
දැං කවදද වෙඩින් එක
ලඟදි තියෙයි..ඔයා එනවද
ඔව්... නෑ.. මට රහත් වෙන්න තව කල් තියෙනව..
"දෙවියනි ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සිදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාල මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය"
මට ඔබ වහන්සේගේ සැලැස්ම එපා. ප්රග්ග්නාව දෙන්න..ඔබ වහන්සේට මාව දකිද්දි හිනා යනවද..කමක් නෑ. මට පේන්නෙ නෑ නෙ. මම කැමති නෑ එයා වෙන කෙනෙක් එක්ක පෝරුවෙ නැඟල ඉන්නව බලන්න. ඔබ වහන්සේ දන්නවනෙ, මම අවුරුදු එකොලහක් එයාට ආදරේ කලා..දෙයි හාමුදුරුවනේ මගෙ ජීවිත කාලෙන් හතරෙන් එකක්..!!
ඔයාට දුක හිතුන
නෑ
නෑ..?
අහන්න එපා ඔහොම.මම ඕකට ලෑස්ති වෙන්න ඔනේ දෙයක්. මම කැමති නෑ ඔයා ඉස්සරහ අඬන්න
ප්‍රේමය,
අවිනීත නොවේ.
ආත්මාර්ථාකාමී නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගනියි
"දෙවියනි, ඔබ වහන්සේ මෙහෙම මාව පරික්ශා කරන්නෙ ඇයි..මම දන්නව , එයා දම්වැලක පුරුකක්. මම ඒ පුරුක කොහොමද දම්වැලෙන් ඇදල දාන්නෙ.ශිශ්ඨ සමාජය.. දෙමව්පියො. යුතුකම්.. වගකීම්..එයා සාධාරණයි. මම මස් රාත්තලම බලාපොරොත්තු වෙන්නෙ නෑ. එයාත් සාමාන්්ය කෙනෙක්. එයා මං වෙනුවෙන් නැති නාස්ති විය යුතු නෑ. එයා හොඳින් ජීවත් වෙන්න ඕනෙ. හැමෝටම වඩා හොඳින්..මට පුලුවන් හිතේ අයිනකින් පැදුරක් එලා ගන්න..මට උරුම තැනින්..ලුසිෆර්.. කරුණාකරල මට පාඩුවෙන් ඉන්න දෙන්න..බඩගිනී තමයි. ඒත් මට බෑ මේ ගල් රොටී මවට පත් කරන්න...
Comments
Post a Comment